October 19, 2021

Ada Rata

All news in one location

අද හමුවූ කුඩු ජාවාරම මෙහෙයවූ 25 වියැති තරුණයා ගැන හෙළිදරව්වක්


අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ ග්‍රෑම් 52 ජාවාරම මෙහෙයවා ඇත්තේ 25 වැනි වියේ පසුවන සනිඳු මල්ෂිත නැමැත්තෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා .

හෙරොයින් කිලෝ 52ක් සමග උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළුව තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවත් සනිඳු මල්ෂිත නවීන තාක්ෂණය ඔස්සේ කථා කර ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් ඔහු සදහන් කළා .

මෙම සැකකරු දැනට විදෙස් ගතව හෝ යම්කිසි ස්ථානයක සිට ජාවාරම මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇත .

සනිඳු මල්ෂිත වසර 6කට පෙර එනම් 2015 වසරේදී හෙරොයින් ග්‍රෑම් 15ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණ බවත් , සැකකරු මේ දක්වා මෙහයවා ඇති සංවිධානාත්මක අපරාධය වන්නේ 2021/1/25 දින පානදුර උතුර පල්ලිමුල්ල හංදියේදී ත්‍රි රෝද රථයකින් ගමන් කළ පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණ දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීම බවද අජිත් රෝහණ මහතා කියා සිටියා.(colombotimes.lk)



Source link