November 30, 2021

Ada Rata

All news in one location

අද රාත්‍රියේ ප්‍රදේශ රැසකට තද වැසි


මේ වන විට දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද රාත්‍රියේදී තවදුරටත් තද වැසි ඇති වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමු, වයඹ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බවත්, සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී රාත්‍රී කාලයේ දී වැසි ඇතිවිය හැකි බවත් ඔවුන් ප්‍රකාශ කළා.

මෙම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක පවුල් 31303 අයත් පුද්ගලයින් 130,672 දෙනෙකු පීඩාවට පත්වී තිබෙන අතර අවතැන් කඳවුරු 27 ක ආපදාවට ලක්වූ 5067 ක පිරිසක් රඳවා තබා තිබෙනවා.

එසේම පූර්ණ හානි වූ නිවාස පහක් එක් පුද්ගල මරණයක්, අතුරුදහන් වීමක් සහ අර්ධ ලෙස හානි වූ නිවාස 317 සොයාගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබෙන්නේ.(Colombotimes.lk)



Source link