October 18, 2021

Ada Rata

All news in one location

අද නඩු දාන්න පුල පුලා සිටි නීතිපති දප්පුල එදා -TID යෙන් 2017 ලැබුණු වාර්තාව බලන්නෙත් ප්‍රහාරයෙනුත් මාස තුනකට පසුව



තමන්ගේ ධුර කාලය තුළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පාස්කු ප්‍රහාරය සැලසුම් කළ,ඊට ආධාර අනුබල දුන්,ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකරමින් වගකීම පැහැර හැරි කිසිවෙකුට හෝ  එරෙහිව චෝදනා ගොණු කිරීමට තමාට හැකියාවක් නොලැබෙන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා මහජනතාවට දැනුම් දී තිබුණි. 

එයට හේතුව වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළව සිදුකරන විමර්ශන සම්පූර්ණ නොවී තිබීම බවද නීතිපතිවරයා සඳහන් කළේය. 

ඒ අනුව මෙහි ඇත්තේ තමන්ගේ පාර්ශවයෙන් එනම් නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් වන ප්‍රමාද දෝෂයක් හෝ කළ නොහැකියාවක් නොව තමන් මේ නඩු පැවරීමට පුල පුලා බලාසිටියද ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය සහය කඩිනමින් නොලැබීමය. 

එම නිසා දැන් තමන්ට මේ  මොහොතේ මීට එහා තවත් දෙයක් කළ නොහැකි බව වත්මන් නීතිපතිවරයා රටට පවසා තිබේ. 

දප්පුල ද ලිවේරා අපගේ නීතිපතිවරයා මේ මොහොතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරවා ගැනීමට බලාසිටින රටක ජනතාව හමුවේ මෙලෙස සානුකම්පිත බව දිනාගැනීම වෙනුවෙන් ලැජ්ජා සහගත උත්සහයක් නිරතව සිටින බවයි අපගේ ස්ථාවරය වනුයේ. 

මන්ද දැන් සුද්දවන්තයෙකු වීමට උත්සහ දරන ලිවේරා මහතාට සහරාන් හෂීම් ගැනත් ඔහුගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය ගැනත් තොරතුරු මුලින්ම වාර්තා  කර තිබුණේ 2017 වසරේදීය. 

එවකට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහරාන් හෂීම් සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානය ගැන වාර්තාවක් එවකට අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා වෙත යොමුකරමින් ඉල්ලා තිබුණේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය තහනම් කිරීමට අදාළව නීති උපදෙස් දෙන ලෙසයි. 

එහෙත් ඒ ගැන නිසි අවධානයක් යොමුනොකර එවකට දප්පුල ද ලිවේරා මහතා කටයුතු කර තිබුණි. එහි තරම කෙසේද යත් ඔහු එම ලිපි ගොණුව දිගහරින්නේ 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහරයෙනුත් මස තුනක් පමණ ගිය පසුය. 

එවිට අශ්වයා පැන ගොස් හමාරය. නැවත හැරවිය නොහැකි ලෙස වැරද්දක් සිදුව තිබුණි. 

අද අමුතු සුද්දවන්තකමක් පෙන්වන්න හදන දප්පුල ද ලිවේර මහතා එදා වැඩ කර තිබුණේ ඒ අයුරිනි. ඒ අනුව ගතහොත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම යන සාමූහික වගකීම යටතට මේ ලිවේරා මහතාද නොවැටෙන්නේද?

අවස්ථා දෙකකදී දෙයාකාරයකට මේ හැසිරෙන්නේ එකම ලිවේරා මහතාය. එහෙයින් රටේ ජනතාව තව තවත් සබුද්ධික විය යුතු බව අපගේ හැඟීමයි. 

 

 




Source link