October 20, 2021

Ada Rata

All news in one location

අද දිස්ත්‍රික්ක කිහිපය වැසි ඇති විය හැක


සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මිට අමතරව වයඹ පළාත තුලද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.

ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් දැකිය හැක.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැකි බවට එම දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි බැවින් තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යෑමේ හැකියාවක් පැවතිය හැකි බවත් මේ හේතුවෙන් මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවත් වාර්තා වල සඳහන්.

ධීවර සහ නාවුක ප්‍රජාව මෙන්ම වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව ද මේ පිළිබදව අවධානයෙන් කටයුතු කරන මෙන් කාලගුණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. (colombotimes.lk)

Viber



Source link