November 30, 2021

Ada Rata

All news in one location

අදත් උත්තර නැත්නම් බරපතල ක්‍රියාමාර්ගවලට යනවා



අද වැඩවර්ජනයෙන් අනතුරුව හෝ සිය ඉල්ලීම් වලට විසඳුම් නොලැබෙන්නේ නම් බරපතල ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට සිදුවන බව  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ බලමණ්ඩලය අවධාරණය කරයි.

එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ සෞඛ්‍ය වෘත්තිකයින්ට බලපෑ තිබෙන ගැටළු විසඳීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීම නිසා මෙවැනි වැඩ වර්ජන ක්‍රියා මාර්ගයකට යාමට සිදු වුණ බවයි.

සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ධව  අද උදෑසන 07ට ආරම්භ කළ වැඩවර්ජනය අවසාන වන්නේ හෙට පෙරවරු 08.00ටය.

”වර්ජනයට මූලික හේතුව වෙන්නේ දීමනා විෂමතාව නිවැරදි නොකිරීම,වැටුප් විෂමතා නිවැරදි නොකිරීම ඒ වගේම අතිකාල දීමනා විෂමතාවයක් තියෙනවා වෛද්‍ය සේවාවට සහ අනෙකුත්  සාපේක්ෂව. ඒ වගේම රනුක්ගේ වාර්තාව ක්‍රියාත්මක කරන්නේ නැහැ. 2019 ජනවාරි ඉඳන් ක්‍රියාත්මක විය යුතුයි. රනුක්ගේ වැටුප් වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලත් අපි ඉල්ලනවා. ඒ වගේම වෛද්‍ය පරිපාලන සේවාව වෙනුවට සෞඛ්‍ය පරිපාලන සේවාවක් ස්ථාපිත කළ යුතුයි. ඒ වගේම සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් විය යුතුයි කියල අපි අවධාරණය කරනවා. සංවෘත සේවාවක් කිරීමේ කැබිනට් පත්‍රිකාව පහුගිය රජය කාලෙත් සම්මත වෙලා තියෙනවා. වර්තමාන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් මෙය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ වගේම අපේ විශේෂ දීමනාව වැඩිකරන්න කියල ඉල්ලීමක් තියෙනවා. ඒ වගේම පාසල් පටන් ගත්තා. පාසල් දරුවන්ට කොවිඩ් වලට අදාළව පහසුකම් නොමිලේ ලබා දිය යුතුයි. අද ඖෂධ මිල  ඉහළ ගිහින් තියෙනවා. එම වැඩි වුන මිල වහාම අඩුකරන්න කියල ඉල්ලීමක් තියෙනවා. මේ ඉල්ලීම් වලට උත්තරයක් නැති නිසයි අද වැඩවර්ජනයක් ක්‍රියාත්මක වෙන්නේ. අදත් උත්තරයක් නැත්නම් අපිට බරපතල ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා.” යනුවෙන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් ප්‍රකාශ කරයි.

ASK  




Source link