December 4, 2021

Ada Rata

All news in one location

අතුරුදහන් වු තරුණයෙකුගේ සිරුර කාසල්රි ජලාශයෙන් මතුවේ


නිවසින් අතුරුදහන් වු තරුණයෙකුගේ මල සිරුර කාසල්රි ජලාශයේ තිබි අද (17) දින පස්වරුවේ ගොඩගත් බව නොර්වුඩ් පොලිසිය පැවසුවා.

මෙසේ ගොඩගනු ලැබුවේ නොර්වුඩ් වත්ත ඉහල කොටසේ පදිංචිව සිටි සරත් කුමාරන් නැමති 20 හැවිරිදි තරුණයෙකුගේ සිරුර වනවා.

කාසල්රි ජලාශයේ නිව්වැලි වත්ත ප්‍රදේශයේ දියනැමට ගිය පිරිසක් ජලාශය අසල අයිතිකරුවෙකු නොමැති ජංගම දුරකථනයක් සහ පාවහන් යුවලක් ඇති බවට නොර්වුඩ් පොලිසියට ලබාදුන් තොරතුරක් මත නොර්වුඩ් පොලිසිය විසින් පුළුල් විමර්ෂණයක් ආරම්භ කර තිබුණා.

අතුරුදහන් වු තරුණයාගේ ඥාතින් විසින් තරුණයාගේ ජංගම දුරකථනය සහ පාවහන් යුවල හදුනාගැනිමෙන් අනතුරුව, කාසල්රි ජලාශයේ ධිවරයන්ගේ සහ ප්‍රදේශවාසින්ගේ සහය ඇතිව අතුරුදහන් වු තරුණයාගේ සිරුර සොයා ජලාශයේ මෙහෙයුමක් දියත් කල අවස්තාවේ තරුණයාගේ සිරුර ජලාශයේ තිබි ගොඩගෙන තිබෙනවා.

මිය ගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නොර්වුඩ් පොලිසිය පැවසුවා. (colombotimes.lk)

Viber



Source link