November 29, 2021

Ada Rata

All news in one location

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක මිල සංශෝධනයක්


අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ගණන් නියම කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය මේ බව පැවසුවා.

ඒ අනුව එහි අත්‍යාවශ්‍ය ඖෂධ 60කට අයත් මාත්‍රා වර්ග 131ක මිල නියාමනය කර උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

එම ඖෂධ කිසිවක් උපරිම සිල්ලර මිලට ඉහළින් අලෙවි කිරීම නීතිවිරෝධි කටයුත්තක් වන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

යම් ස්ථානයක පාලන මිල උල්ලංඝනය කරමින් ඖෂධ අලෙවි කරන්නේ නම්, complaints@nmra.gov.lk යන විද්‍යුත් තැපෑලට ඒ පිළිබඳ දන්වන ලෙස අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා පවසනවා.

ඩොලරයේ අගය ඉහළ යෑම අනුව පසුගිය අගෝස්තු මාසයේ දී සියයට 9ක පමණ මිල ඉහළ දැමීමකට අවසර ලබාදුන් බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

මිල ඉහළ යාමෙන් පසුව උපරිම සිල්ලර මිල ගණන් නියම වු ඖෂධ ලැයිස්තුව පහතින්…
(colombotimes.lk)

Viber



Source link