November 30, 2021

Ada Rata

All news in one location

අත්‍යවශ්‍ය සේවා වලට දෙන ස්ටිකරය හෙට සිට අළුත් වෙයි


කොළඹට ඇතුලුවන අත්‍යවශ්‍ය සේවා සාමාජිකයින්ගේ රථවාහන සඳහා සම්පූර්ණ සංචරණ සීමා කාලයටම වලංගු වන පරිදි නව ස්ටිකරයක් හදුන්වාදෙන බව පොලීසිය පවසනවා.

එය හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

මාර්ග තදබදය අවම කිරීම එහි අරමුණ වී තිබෙන බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර ඊයේ දිනයේදී කොළඹ නගරයට වාහන ඇතුලුවීමේ අඩුවක් දක්නට ලැබුණු බව පොලීසිය සඳහන් කළා.

ඊයේ දිනයේදී කොළඹට පැමිණ ඇත්තේ වාහන 42,473 ක් පමණක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

සාමාන්‍ය දිනවල එය 60,000 ත් 70,000 ත් අතර පැවතුණා.

ඊයේ වාහන වලින් ද වැඩිම සංඛ්‍යාවක් බැංකු ඇතුලු මූල්‍ය ආයතනවලට අයත් ඒවා වන අතර එම සංඛ්‍යාව 9,861 ක්.

කිසිඳු හේතුවක් නොමැතිව පැමිණි වාහන 931 ක්ද ඊයේ හඳුනාගෙන තිබෙනවා. (colombotimes.lk)



Source link