October 19, 2021

Ada Rata

All news in one location

අත්අඩංගුවට ගන්න මත්කුඩු ඉක්මනින්ම විනාශ කරන ක්‍රමවේදයක්


පොලිස් අත්අඩංගුවට ගැනෙන මත්කුඩු වල රස පරික්ෂණ වාර්තා ලබාගෙන අවසන් වූ විගසම විනාශකර දැමීමේ නව නීතිමය තත්වයක් ඇතිකිරීමට කටයුතු කර තිබෙනවා .

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සමග පැවති සාකච්ඡාවකදි ඊට අදාල යෝජනා ඉදිරිපත් කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

මේ සදහා වන නීතිමය ප්‍රතිපාදන මේ වසර තුළම ගෙන ඒමට පොලිසිය හා අධිකරණ අමාත්‍යාංශය එකග වී තිබෙනවා.

මත්කුඩු හා වෙනත් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 13 දෙනෙක් විදෙස්ගතවී ඇති බවත් ඉන් දෙදෙනෙක් ලංකාවට ගෙන්වාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තව දුරටත් කියා සිටියා . (colombotimes.lk)



Source link