October 19, 2021

Ada Rata

All news in one location

අතවරයක් ගැන පැමිණිලි කිරීමට ගිය 15 හැවිරිදි දැරියකට පොලිසිය තුළදීම නිලධාරියෙකුගෙන් අතවර !



අතවර සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නෙළුව පොලිස් ස්ථානයට ගිය 15 හැවිරිදි දැරියක් රඳවා තබාගෙන පොලිස් ස්ථානය තුළදීම පොලිස් නිලධාරියෙකු විසින් අතවර කර ඇතැයි වාර්තා වේ. 

පෙරේදා (29) සවස සිය මවත් සමග මෙම දැරිය පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා නෙළුව පොලිස් ස්ථානයට ගොස් ඇති අතර විමර්ශන සඳහා යැයි කියමින් ඔවුන් දෙදෙනාව රඳවා තබාගෙන ඇත. 

ඊයේ උදෑසන දැරියගේ මවට දුරකථන ඇමතුමක් පැමිණි අවස්ථාවකදී ඇයව පිටතට යැවූ පොලිස් නිලධාරියකු දැරියගේ විරෝධය මධ්‍යයේ ඇයව සිප වැළඳගනිමින්, ස්පර්ශ කරමින් අපයෝජනයට ලක්කර ඇති බව සඳහන්. 

සිද්ධිය දුටු මව කෑගසමින් දුවගෙන විත් දියණියව බේරාගෙන ඇති අතර පසුව අදාළ පොලිස් නිලධාරියාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා විය. 

මාධ්‍ය ඔස්සේ දිනපතා ජනතාවට බණ කියන, දොස් කියන, තග දාන තරුපටිකාර ඉහළ පොලොස් නිලධාරීන්, පැමිණිල්ලක් කිරීම සඳහාවත් දැරියක් රැගෙන යාමට බැරි තැනක් බවට පොලිසිය පත්වීම පිළිබඳව කවරාකාරයේ නිදහසට කාරණාවක් කියයිදැයි අප දන්නේ නැත. නමුත් ඔවුන් මීටත් කුමක් හෝ හතරකරුහං කතාවක් කියන බව නම් සිකුරුය. 

RN




Source link