December 5, 2021

Ada Rata

All news in one location

අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් වේ


ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පේදුරු තුඩුවේ සිට කිලෝමීටර 250ක් පමණ උතුරු දෙසින් (උතුරු අක්ෂාංශ 11.7ත් නැගෙනහිර දේශාංශ 81.6ත් ආසන්න ප්‍රදේශයේ) පවතින අතර එය වයඹ දෙසට ගමන් කර අද දින සවස් කාලයේ උතුරු තමිල්නාඩු වෙරළට ලඟාවේ යැයි අපේක්ෂා කරනවා.

දිවයිනේ පැවති තද වැසි තත්ත්වයේ සාපේක්ෂව අඩුවීමක් අද දින සිට බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි.

උතුරු මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි වනවා.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මි. (40-50) පමණ තද සුළංඇතිවිය හැකි වනවා.
(colombotimes.lk)

Viber



Source link