January 20, 2022

Ada Rata

All news in one location

අඩි 99ක් උස බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත් කරයි


චීනයේ සිචුවාන් පළාතේ බලධාරීන් පසුගිය දා ටිබෙට් ස්වයං පාලන කලාපයේ ඩ්‍රැගෝ ප්‍රාන්තයේ ඉදිකර තිබූ විශාල ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත් කර තිබෙනවා.

අඩි 99ක් උස මෙම බුද්ධ ප්‍රතිමාව කඩා දමා ඇත්තේ, ඉතා උසින් ඉදි කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත බවයි ටිබෙට් ආරංචි මාර්ග උපුටා දක්වන RFA ප්‍රවෘත්ති සේවාව වාර්තා කළේ.

ප්‍රතිමාවට අමතර ව භික්ෂූන් වහන්සේ සහ බැතිමතුන් වන්දනා මාන කටයුතු සඳහා භාවිත කරන එම පරිශ්‍රයේ තිබූ වෙනත් ඉදිකිරීම් ද කඩා ඉවත් කර තිබෙනවා.

මෙම බුද්ධ ප්‍රතිමාව කඩා ඉවත් කර ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මඟින් ද තහවුරු වී තිබෙනවා.

මෙම විශාල බුදු පිළිමය කඩා ඉවත් කිරීම සඳහා දින 9ක කාලයක් ගත වී ඇති අතර චීන බලධාරීන් තෝසම් ගැටසෙල් ආරාමයේ භික්ෂූන් වහන්සේලාට සහ චුවාර් සහ අවට නගරවල වෙසෙන ටිබෙට් ජාතිකයින්ට කඩා බිඳ දැමීම නැරඹීමට බල කළ බව ද වාර්තා වනවා.

වෙනත් ගම්මානවල ප්‍රාදේශීය ටිබෙට් ජාතිකයින්ට ද කඩා ඉවත් කිරීම නැරඹීමට පැමිණීමට බල කෙරුණු බවත් ඔවුන් ඡායාරූප හෝ වීඩියෝ නො ගැනීම හෝ කලබල ඇති නො කිරීමට වග බලා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එහි යොදවා තිබූ බවත් අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ ටිබෙට් ජාතිකයෙක් විදෙස් මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණා.

යුවාන් මිලියන 400ක වියදමින් 2015 වසරේ ඔක්තෝබර් මාසයේ දී මෙම බුද්ධ ප්‍රතිමාවේ ඉදිකිරීම් අවසන් කර තිබෙනවා.

එය ඉදිකර ඇත්තේ, භූමිකම්පාවක් සඳහා ද ඔරොත්තු දෙන ආකාරයට යි.

ප්‍රතිමාව විනාශ කෙරුණේ, එහි ඉදිකිරීම් සඳහා චීන හා ටිබෙට් ප්‍රාදේශිය බලධාරීන් අනුමැතිය ලබා දී තිබූ පසුබිමක වීමත් විශේෂත්වයක්.

චීනයේ සැබෑ අභිප්‍රාය ආගම හා සංස්කෘතිය මුලිනුපුටා දමා ටිබෙට් අනන්‍යතාව සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම බව ⁣ඩ්‍රැගෝහි පදිංචිකරුවන් පවසනවා.

ටිබෙට් බෞද්ධ භික්ෂූන් වහන්සේට එරෙහි චීන ක්‍රියාකාරකම්වල යම් වර්ධනයක් පසුගිය කාලය තුළ වාර්තා වුණා.

වයඹ දිග චීනයේ Qinghai පළාතේ ආරාමවලින් තරුණ ටිබෙට් භික්ෂූන් වහන්සේ බලහත්කාරයෙන් නැවත සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට බලධාරීන් කටයුතු කළේ, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදි යි.

මෙය ටිබෙට් සම්ප්‍රදායික ආගම හා සංස්කෘතිය සමග තරුණ ප්‍රජාව අතර ඇතිවන සම්බන්ධතාවය බිඳ ⁣දැමෙන පියවරක් ලෙස මෙය සැලකුණා.

ටිබෙටයේ ඓතිහාසික ආරාමයක් වන Qinghai පළාතේ දිට්සා ආරාමයෙන් වයස අවුරුදු 11 -15ත් අතර භික්ෂූන් වහන්සේ නෙරපා හැර ඇතැ යි ආරංචි මාර්ග RFA වෙත පවසා තිබුණා.

Qinghai හි තවත් ආරාමවල තරුණ භික්ෂූන් වහන්සේ සිවුරු අරවා නිවෙස්වලට පිටත් කර යවා ඇතැ යි නම හෙළි නො කළ ආරංචි මාර්ග RFA වෙත පවසා තිබෙනවා.

මෙම රෙගුලාසි ක්‍රියාත්මක වන්නේදැ යි පරික්ෂා කිරීමට ආණ්ඩුවේ බලධාරීන් ආරාමවලට පැමිණෙන බව ද සඳහන්.

නව රෙගුලාසි පසුගිය ඔක්තෝබර් 20 සිට ක්‍රියාත්මක අතර මේ දක්වා නිවෙස් වෙත පිටත් කර හැරි තරුණ භික්ෂූන් වහන්සේ පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත නිල වශයෙන් ඉදිරිපත් කර නැහැ.

මෙසේ නිවෙස් වෙත පිටත් කර යැවුණාට පසු නැවත් සිවුරු දැරීමට හෝ ආරාම වෙත පැමිණිමට නො හැකි බව දැනුම් දී ඇතත් ඔවුන්ට යළි රජයේ පාසල්වල දී අධ්‍යාපන කටයුතුවල නිරත විය හැකි ද යන්න පැහැදිලි නැහැ.

මේ කිසිවෙක් හෝ බලහත්කාරයෙන් භික්ෂූත්වයට පත් ව නො මැති අතර, ඒ සඳහා මාපිය අනුමැතිය ලැ⁣බී තිබෙනවා.

නව රෙගුලාසි මඟින් බාලවයස්කාරයන් පැවිදි කිරීම හෝ ආගමික කාර්යයන් සඳහා සම්බන්ධ කරගැනීම මුළුමනින් ම තහනම් කර ඇති නමුත් පැවිදි දිවියට ඇතුළත් විය හැකි වයස කුමක්දැ යි නිශ්චිතව ම සඳහන් කර නැහැ.

අසල්වැසි සිචුවාන්හි ටිබෙට් ජනතාව වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශවල ආරාමවලින් තරුණ භික්ෂූන් වහන්සේ නෙරපා හැරීම තෙවසරකට පමණ පෙර ආරම්භ වුණා.

කෙසේ වෙතත් එම දරුවන්ට යළි රජයේ පාසල්වල දී අධ්‍යාපනය ලැබීමට අවසර හිමි වුණා.

සාම්ප්‍රදායික ටිබෙට් සංස්කෘතික සහ ජාතික අනන්‍යතාවේ කේන්ද්‍රස්ථානයක් වන ටිබෙට් බෞද්ධ ආරාමවල ප්‍රමාණය සහ බලපෑම සීමා කිරීමට චීන බලධාරීන් දිගු කලක් තිස්සේ උත්සාහ කරන බව රහසක් නො වේ.

ලාසා අගනුවර සම්මත කළ රෙගුලාසියකට අනුව 2018 සිට වයස අවුරුදු 18ට අඩු දරුවන් පැවිදි කිරීම තහනම් කරනු ලැබුවා.

එවැනි රෙගුලාසි වෙනත් පළාත්වල බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීම ටිබෙට් ආගම සහ සංස්කෘතිය තවදුරටත් මුලිනුපුටා දැමීමේ ව්‍යාපෘතියේ කොටසක් බව ඉන්දියාවේ පිහිටි ටිබෙට් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පෙන්වා දෙනවා.

බුදුදහම ටිබෙටයේ ප්‍රමුඛ ආගම වන අතර එරට කලාව, සංගීතය හා උත්සව ආදී සෑම අංගයකට ම පදනම වී තිබෙනවා.

ටිබෙට් ජාතිකයින් තමන්ගේ සංස්කෘතියෙන් වෙන් කිරීම සඳහා චීනය බරපතළ ලෙස ඔවුන්⁣ගේ ජන ජීවිතයට සහ භාෂාවට බලපෑම් එල්ලවන නීති පනවන බවට ටිබෙට් පිටුවහල් ර⁣ජයේ නියෝජ්‍ය කතානායක Dolma Tsering පසුගිය දා චෝදනාවක් ද එල්ල කළා.

වාර්ගික සුළු ජාතීන් 56ක් පමණ විසුවත් ඔවුන්ගේ පූජනීය සම්ප්‍රදායන්ගේ අයිතියට පිළිගැනීමක් ලබා නොදෙන චීනයේ අපේක්ෂාව සියලු දෙනා කොමියුනිස්ට් දර්ශනය හා සම්බන්ධ කිරීම බව ඇය පවසා තිබුණා.

චීනය ජගත් මාධ්‍යවේදීන්ට එහි පැමිණ ටිබෙට් ජාතිකයන් මුණ ගැසෙන්නට ඉඩ නො දෙන්නේ ලෝකයෙන් සැඟවීමට යමක් ඇති නිසා බව ඇය පවසා තිබුණේ, විදෙස් මාධ්‍ය ආයතනයක් සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී යි.

මේ අතර චීනය ටිබෙටයේ පරිසර පද්ධතියට හානි සිදු කරමින් එහි වටිනාකම් විනාශ කරන බවට චෝදනාවක් ද පසුගිය දා එල්ල වුණා.

ප්‍රොවිඩන්ස් ජර්නල් පර්යේෂණ ආයතනය සිය නවතම අධ්‍යයනය මගින් අනාවරණ කර ඇත්තේ, චීනය විසින් විෂ සහිත අපද්‍රව්‍ය ටිබෙටය වෙත බැහැර කරමින් ඇති බවයි.

ටිබෙටයේ පරිසරය ආරක්ෂා කිරීම සදහා චීන බලධාරීන් නිසි උනන්දුවක් නො දක්වන බවත් ඒ සදහා ප්‍රමාණවත් තරම් ප්‍රතිපාදන වෙන් නො කරන බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

අන්තර්ජාතික පරිසර ආරක්ෂණ ප්‍රඥප්තිවලට පවා පටහැනි ව යමින් චීනය විසින් මෙම ක්‍රියාවලිය සිදු කරන බව ද එහි වැඩිදුරටත් දැක්වෙනවා.

ලොව උසින් ම පිහිටි රට ටිබෙටය වන අතර, මුහුදු මට්ටමේ සිට මීටර් 4380ක් උසින් හිමාල කඳුවැටියේ පිහිටා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

අවුල් වගේ !

0

හරි හිනා !

0

හම්මෝ !

0

මාර දුකයි !

1

මලපනිනව !

3

කුජීතයි !

0



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq