October 28, 2021

Ada Rata

All news in one location

අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපති ධුරයට


මෙරට 16 වන මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) වැඩ භාරගැනීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

ප්‍රවීණ වරලත් ගණකාධීකාරීවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා අමාත්‍යංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපතිවරයා ලෙසද කටයුතු කළා.

වත්මන් රජයේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු පසුගියදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්…(colombotimes.lk)

Image
Viber



Source link