November 30, 2021

Ada Rata

All news in one location

අජිත් කබ්රාල්ගේ පුතා පොර්ට් සිටියේ වැඩ කරන අතර මුදල් අමාත්‍යාංශයෙනුත් පඩි අරන්


මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ පුතා කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කටයුතු කරන අතරේම මුදල් අමාත්‍යාංශයේ ද තනතුරක් දරමින් සිටින බව හෙළිව තිබේ.

මේ පිලිබඳ හෙළි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මෙසේ පැවසීය.

“වරාය නගරය සම්බන්ධයෙන් අජිත් කබ්රාල් මහත්තයා තමයි වැඩියෙන්ම කතා කරන්නෙ. එතුමා පිළිගත්තා 2016 ඉඳලා එතුමාගෙ පුතා වරාය නගරය හා සම්බන්ධව රැකියාවක නිරත වෙලා ඉන්නවා කියලා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයෙත් එතුමාගෙ පුත්‍රයා රැකියාවක් කරලා පඩි ගන්නවා.චතුර වී. කබ්‍රාල් එතුමාගෙ කාර්ය මණ්ඩලයෙ මහජන සම්බන්ධතා නිලධාරී හැටියට වැඩ කටයුතු කරනවා.

වරාය නගරයේ රැකියා 80000ක් ගැන කතාකරන එතුමාම පිළිගත්තා 2016 ඉඳන් එතුමාගෙ පුත්‍රයා ඒකෙ වැඩකරනවා කියලා පිළිගත්තා. එතකොට මුදල් අමාත්‍යාංශයෙත් එතුමාගෙ පුත්‍රයා විධායක රැකියාවක් කරනවා කියන එක මේ මුදල් අමාත්‍යාංශයෙන් ගත්ත තොරතුරු එක්ක පැහැදිලිව පේනවා. එනිසා විශේෂයෙන්ම තමන්ගෙ පෞද්ගලික වාසිය තකා වැඩ කරන පිරිසක් තමයි මේ වෙලාවෙ ආණ්ඩුව වෙනුවෙන් වැඩියෙන්ම ඉස්සරහට ඇවිත් කතාකරන්න ඉදිරිපත්වෙලා තියෙන්නෙ කියන එක කණගාටුවෙන් වුණත් අපි පෙන්නලා දෙන්න ඕනෙ”





Source link