November 27, 2021

Ada Rata

All news in one location

අඟහරු ලෝකයට ගිය හෙලිකොප්ටරය


Perseverance රෝවරය සමග අගහරු මතුපිටට යැවූ Ingenuity හෙලිකොප්ටරය අද දින සාර්ථකව ගුවන් ගතකිරීමට සමත් වුනා!
කිලෝ ග්‍රෑම් 1.8 ක බරකින් යුත් Ingenuity හෙලිකොප්ටරය නාසා ආයතනයේ NASA Jet Propulsion Laboratory මගින් අවුරුදු හයක උත්සාහයෙන් සහ ඩොලර් මිලියන 85 ක වියදමින් තමයි නිපදවා තිබෙන්නෙ. නාසා ආයතනයේ මූලික අරමුණ වෙන්නෙ අගහරු මත ගුවන් යානයක හැසිරීම නිරීක්ෂණය කිරීමයි.
හෙලිකොප්ටරය උස අඩි 10 ක උසකට පියාසර කර තත්පර 30 ක කාලයක් ගුවනේ රැදීමෙන් පසුව නැවතත් අගහරු මතුපිටට ගොසබැස්සා. මෙමගින් වෙනත් ලෝකයක සිදු කල පළමු පාලනයෙන් යුතු (controlled and powered) ගුවන් ගමන ලෙස මෙය ඉතිහාසයට එකතු වෙනවා!
ගුවන්ගත වීමෙන් පසු හෙලිකොප්ටරයේ සවිකර ඇති කැමරාවකින් ලබාගත් ජායාරූපයක් තමයි පහළ දාල තියෙන්නෙ.

Chalitha Nishanàth

The post අඟහරු ලෝකයට ගිය හෙලිකොප්ටරය appeared first on | Sri Lanka Hot News.



Source link