December 5, 2021

Ada Rata

All news in one location

අග්‍රහාර රක්ෂණ යෝජනාවත් රිවස්!



2016 වසරට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන්ට අග්‍රහාර රක්ෂණ ආවරණය ලබාදීමට ඉදිරිපත් වූ යෝජනාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසනවා.

අදාල යෝජනාව සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.

අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ විශ්‍රාමිකයන්ගේ වෘත්තීය සමිති මීට පෙර කර තිබූ ඉල්ලීමකට අනුම මෙම රක්ෂණ ආවරණ යෝජනාව ඉදිරිපත් වූ බවයි. කෙසේ නමුත් ඊට එල්ල වූ විරෝධය හේතුවෙන් එම යෝජනාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ලේකම්වරයා පවසනවා.

UN




Source link