December 4, 2021

Ada Rata

All news in one location

අගමැති ශෝකය පළ කරයි – Colombo Times


අධික වැසි සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් ජීවිත හානි වූ පවුල්වලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශෝකය පළ කර තිබෙනවා.

අද (10) උදෑසන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා එලෙස ශෝකය පළ කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ද ආපදා තත්ත්වය සහ පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට අදාළව ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනු ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link