October 17, 2021

Ada Rata

All news in one location

අගමැති මහින්ද ඉතාලියේ.. ඉතාලියේ ලාංකිකයන් විරෝධතා…


September 11, 2021 at 10:02 pm | lanka C news

අගමැති මහින්ද ඉතාලියේ.. ඉතාලියේ ලාංකිකයන් විරෝධතා…

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් හෙට දිනයේ එරට බොලොඤ්ඤා නගරයේදී විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් කර තිබේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොල කරුවන් සොයා සත්‍යය හෙළි කරන ලෙස බලකරමින් මෙම සාමකාමී උද්ඝෝෂණය පැවැත්වෙන බව එහි සංවිධායකයන් කියා සිටී.

අදාල විරෝධතාව සදහා ඉතාලි රජය විසින් මේ වන විට අවසරද ලබාදී ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මේ වනවිට ඉතාලියට ගොස් සිටින අතර ඔහු හෙට දිනයේ බොලොඤ්ඤාහිදී ආරම්භ වන G20 අන්තර් ආගමික සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව තිබේ.

අගමැතිවරයාගේ ඉතාලි සංචාරය ගැන අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ජී20 අන්තර් ආගමික සමුළුවට එක්වීමට අග්‍රාමාත්‍යතුමා බොලොඤ්ඤා නුවරට ළඟාවෙයි

 ජී20 අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස අද (10) පස්වරුවේ එරට බොලොඤ්ඤා නුවර ගුග්ලියෙල්මෝ මාර්කෝනි ගුවන් තොටුපළට ළඟා වූහ.

අනතුරුව අග්‍රාමාත්‍යතුමා ඇතුළු දූත පිරිස ඉතාලියේ රාජ්‍ය නිලධාරින් සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණ මහත් හරසරින් පිළිගත්හ.

ජී20 අන්තර් ආගමික සමුළුව 2021 (G20 Interfaith Forum Italy) අනිද්දා (12) දිනයේ දී බොලොඤ්ඤාහි දී ආරම්භ වීමට නියමිතය.

එහි ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වන ලෙස ලැබුණු ආරාධනාව අනුව අග්‍රාමාත්‍යතුමා මෙම සංචාරයට එක්ව සිටියි.

මෙවර මෙම සමුළුවේ තේමාව වී ඇත්තේ “සංස්කෘතීන් අතර සාමය, ආගම් අතර අවබෝධය” යන්නයි.

ජී20 අන්තර් ආගමික සමුළුවට සමඟාමීව මෙම සංචාරයේ දී රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වීමට නියමිතය.

ඉතාලියේ අග්‍රාමාත්‍ය මරියෝ ඩ්‍රැගී (Mario Draghi) මහතා, යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ඩේවිඩ් සසෝලි (David Sassoli ) මහතා සහ ස්ලෝවෙනියා ජනාධිපති බොරුට් පාහෝර් (Borut Pahor) මහතා එසේ හමුවීමට නියමිත රාජතාන්ත්‍රිකයන්ගෙන් කිහිපදෙනෙකි.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

35,742 views



Source link