November 29, 2021

Ada Rata

All news in one location

අකුරට වැඩ ඇරඹු ගුරු විදුහල්පතිවරු!(VIDEO)



වැටුප් ගැටලුව විසඳීමට බලකරමින් අද (25) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමර්ගය ආරම්භ කරන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද  දුම්රිය පොළ ඉදිරිපිට පැවති විරෝධතාවේදී ප්‍රකාශ කළේය.

ඔන් ලයින් ඉගැන්වීම අත්හිටුවමින් ඇරඹි මෙම ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමර්ගට මේ වන විට දින 103කට වැඩි කාලයක්  තිබුණද ඔවුන්ගේ ඉල්ලීම් ලබා දීමට රජය තවදුරටත් අපොහොසත්ව සිටියි. 

අදියර තුනකින් වැටුප ලබා දීමට රජය එකඟ වුවද ගුරු විදුහල්පතිවරු එය ප්‍රතික්ෂේප කිරීම නිසා තවදුරටත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමර්ග ක්‍රියාත්මක වෙමින් තිබේ.

අද දින සිට සියලුම පාසල් වල ප්‍රථමික ශ්‍රේණි විවෘත කෙරුණු අතර පාසල් කාලය තුළ ඉගැන්වීමේ කටයුතු පමණක් සිදුකරමින් රජය විසින් පවරන  රාජකාරී සියල්ල අත්හිටුවමින් ගුරු විදුහල්පතිවරු සිය වෘත්තීය ක්‍රියාමර්ග අලුත් කරමින් පසුවෙයි. 

අද දින පාසල් වේලාවෙන් අනතුරුව දිවයින පුරා උද්ඝෝෂණ සංවිධානය කර තිබූ අතර එහි ප්‍රධානම උද්ඝෝෂණය පැවැත්වුණේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදීය. 

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ හිඟ වැටුප සමස්තයක් ලෙස ලබාදෙන තුරු සටන අතනොහරින බවයි. 

ASK




Source link