November 27, 2021

Ada Rata

All news in one location

අංගොඩ ලොක්කාගේ DNA වාර්තා නිකුත්වේ


මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකුණු අංගොඩ ලොක්කාගේ අනන්‍යතාව තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

2020 ජූලි 03 වනදා ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේදී මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා හෘදයාබාධයකින් ඉන්දියාවේදී මරණයට පත්වී තිබුණා.

නමුත් ඔහුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් DNA පරීක්ෂණයක් හරහා ඔහුගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට ඉන්දීය බලධාරීන් තීරණය කළා.
(colombotimes.lk)

Viber



Source link